ජනමාධ්‍ය මානව වර්ගයාගේ සංවර්ධන කාර්යයට මෙන්ම ඔවුන්ගේ චින්තනය සකස් කිරීමේලා ක්‍රියාත්මක වෙයි. එනම් ජනමාධ්‍ය හා සමාජය අතර පවතින්නේ අවියෝජනය සම්බන්ධතාවකි. සමාජය හා ජනමාධ්‍ය සම්බන්ධ මතවාද අදහස් පදනම් වී ඇත්තේ සන්නිවේදන සංකල්ප තුළිනි. සන්නිවේදන සංකල්ප විග්‍රහයට ලක්කළ යුත්තේ ජනමාධ්‍ය හැසිරීමේ ස්වභාවය හදුනාගැනීම උදෙසා ය. ජනමාධ්‍ය මගින් තොරතුරු ලබාදීමේදී විවිධ ආකාරය සමාජය කෙරෙහි විවිධ බලපෑම් ඇතිවනු ලැබේ. එනම් එම බලපෑම් විවිධ දෘෂ්ටිකෝණය මගින් විග්‍රහ කිරිම මේ තුළින් සිදුවෙයි. සන්නිවේදන සංකල්ප හුදු බටහිර සොයා ගැනීමක් නොවන අතර ඊට පෙරදිග රාජ්‍යයන්හි ප්‍රබල සම්බන්ධයක් ඇත. සන්නිවේදනය පිළිබඳ ගොඩනගා ඇති ප්‍රධාන සංකල්ප 6 කි.
- අධිපතිවාදී සන්නිවේදන සංකල්පය
- නිදහස් මතවාදී සන්නිවේදන සංකල්පය
- සෝවියට් සමාජවාදී සන්නිවේදන සංකල්පය
- සමාජ වගකීම් සන්නිවේදන සංකල්පය
- සංවර්ධන සන්නිවේදන සංකල්පය
- ප්‍රජාතන්ත්‍රීකරණ සන්නිවේදන සංකල්පය