රත්නත් ශ්‍රී වීජේසිංහ මහත්මයාගේ නිර්මාණාත්මක පෑන් තුඩින් ලියවුනු තවත් එක් සොදුරැ ගීතයක් ලෙස මෙම ගීතය හැදින්විය හැක.1981 අවුරැද්දේ එතුමාට මොණරාගලට මාරු වීමක් ලැබෙන අතර එතුමා ගුරැවරයෙක් ව්දිහට අතිදුශ්කර ඔක්කම්පිටිය ඡනපද ව්දයාලයට ඇතුල්විය. මේ පාසලේ 7 වන ශේණීයේ ඉගෙනූම ලබන අතිදක්ශ අහිංසක දැරියක් සිටියාය. නමුත් දවසක් ඇය පෙන්න සිටියේ නැත. රත්නත් ශ්‍රී වීජේසිංහ මහතා එ පිළිබදව සොයා බැලූ අතර එතුමාට දැන ගන්නට ලැබුනේ ඉතාම දුක්ඛිත කණගාටුදායක ආරංචියකි. ඔහු තවත් ගුරුවරයකු සමඟ මළගෙදර හොයාගෙන ගියාය. මළගෙදර තිබුනේ දෙමටමල් විහාරය ආසන්නයේය. මේ දැරියගේ ගෙදර ආසන්නයේ කුඩා වැවකුත් තිබූ අතර ඇය කොපමණ දුප්පත් ද කියනවනම් ඇගේ මිනිය තියන්නවත් එ කටු මැටි ගෙයි ඉඩක් නැත. ඇයගේ මිනිය තිබුනේ එළියේ කුඩා මඩුවක වන අතර ඇගේ මිනියට අන්දලා තිබුනේ පාසල් යන විට ඇය ඇදී සුදු ගවුමයි. මේ දසුන දුටු විජේසිංහ මහත්මයාගේ හදවත දැඩි ශෝකයෙන් පෙළුණි. එතුමා එම වේදනාව මෙලෙස ගී පද බවට පත් කළේය. මාරු වීමක් නිසා කොළඹට පැමිණි එතුමා එම ගීතයට වෙනසක් එක් කරමින් සොරබොර වැව,මහියංගනය යන නාමයන් යොදා ගනී. එම ගීතය මෙලෙස අමරදේව මහතාගේ මිහිරි හඩින් පසුව ඇසෙන්නට විය.
Tuesday, December 19, 2017
ගීයක අරුත
සුදූ නෙලුම ගීතය

Friday, November 10, 2017
පර්යේෂණය යනු කුමක්දැයි හදුනා ගැනිම.
පර්යේෂණය යනු කුමක්දැයි හදුනා ගැනිම
පොදුවේ ගත්කල දැනුම ලබා ගැනිම සඳහා අනුගමනය කරන ක්‍රම ශිල්ප පර්යේෂණ ලෙස හැදින්විය හැක.පර්යේෂණ යනු බුද්ධිමත් ක්‍රියාවලියකි.නව දැනුම ලබා ගැනිම සඳහා යම් ගැටලුවකට විසදුම් ළගා කරගැනීම සඳහා විද්‍යත්මක ක්‍රමය අනුගමනය කරමින් කටයුතු කිරිම පර්යේෂණයක් ලෙස හැදින්විය හැක.
පර්යේෂණයක් යනු නැවත පරික්ෂා කිරිමක් ලෙස ද දැක්විය හැක. පර්යේෂණ සඳහා භාවිතා වන ඉංග්‍රීසි වචනය " Research " නම් වේ. "RE+SEARCH " යනුවෙන් වෙන් කරගතහොත් "RE" යන්නෙන් "නැවත" ලෙසද "SEARCH" යන්නෙන් "සොයාබැලීම, විමර්ශනය කිරීම" ලෙසද හැදින්විය හැක. ඒ අනුව පර්යේෂණ යනු කිසියම් සිද්ධියක් පිළිබඳව සියුම්ව , ගැඹුරින් සොයා බැලීම ලෙස හැදින්විය හැක.
පර්යේෂණයක දක්නට ලැබෙන විශේෂ ලක්ෂණය ක්‍රමවත් බව හා ගැඹුරින් විමසීමයි.
පර්යේෂණයක් යනු දැනුම සොයා ගැනීම වන අතර මේ සඳහා විවෘත මනසක් පර්යේෂකයාට තිබිය යුතුය. විවෘත මනසින් කටයුතු කිරිමේදි ක්‍රමවේදාත්මක දැනුම ලබාගත හැකි අතර එය අවබෝධයයි. අවබෝධය පර්යේෂණ ක්‍රමවේදය සඳහා අත්‍යවශ්‍ය කාරණයකි.
පර්යේෂණ ක්‍රමවේදය සංවර්ධනය කිරිමට නම් මානව සංජානනය හා සමාජ ක්‍රියාවලිය වැදගත් වේ. පර්යේෂණයන් ප්‍රමාණාත්මක සාධකවලට පමණක් සීමා කළ නොහැක. මෙහිදි අප විශේෂයෙන් අවධානය යොමු කළ යුතු සාධක දෙකකි.එනම්
ප්‍රමාණාත්මක සාධක
ගුණාත්මක සාධක
යන ප්‍රවේශ ඔස්සේ පර්යේෂණය අධ්‍යනය කළහැක.
එසේම පර්යේෂණ යනු සමාජය පිලිබඳව ගොඩනැගෙන දැකීමක් පමණක් නොව තමන් ගැන ගොඩනගනු ලබන දැකීමකි. එසේම පර්යේෂණවල වැදගත් ගුණාංගයක් වන්නේ දිගුකාලීන බවයි.පර්යේෂණයක් යනු කුමක්ද යන්න හඳුනා ගැනිමේදි ඒ පිලිබඳව ඉදිරිපත් වූ නිර්වචන බොහොමයක් පවති.
විචල්‍යයන් පාලනය කරමින් මුලධර්ම හා න්‍යායන් සංවර්ධනය කිරිමත්, ලබාගන්නා ප්‍රතිඵල මගින් අනාවැකි ඉදිරිපත් කිරිමත් අරමුණු කරගෙන, නිරීක්ෂණය කර වාර්තා කිරීමත්, ක්‍රමවත් හා විෂයානුබද්ධ විශ්ලේෂණ ක්‍රියාවලියක් පර්යේෂණ නම් වේ.
-Best & khan 1993-
පර්යේෂණ යනු ප්‍රශ්නයකට උත්තර ලබාගැනීමට උත්සාහ කිරීමයි.
-ලැන්ගෙන්බාච්-
සංවිධානාත්මක දැනුම සොයා ගැනීමට හා සංවර්ධනය කිරීමට සෘජුවම මඟපෙන්වන ක්‍රියාකාරීත්වය පර්යේෂණ වේ.
-ගුප්තා-
පර්යේෂණයක ස්වභාවය
- ගැටලුවට විසදුමක් ලබා ගැනිම සඳහා යොමු වේ.
- මූලධර්ම හෝ න්‍යායන් සාමාන්‍යකරණය හා සංවර්ධනය අවධාරණය කරයි.
- නිරීක්ෂණ අත්දැකීම් හා සාම්ප්‍රදායික සාක්ෂි මත පදනම් වි තිබේ.
- නිවැරදි නිරික්ෂණය හා විග්‍රහ කිරිම මත සාර්ථකත්වය රදා පවති.
- ප්‍රාථමික මූලාශ්‍රයන්ගෙන් ලබාගන්නා දැනුම මගින් නව දැනුම ලබාගනී.
- ක්‍රියාකාරකම් කාලය අනුව අහඹු හා අක්‍රමවත් වියහැකිය.
Tuesday, November 7, 2017
නිරවි යුද්ධය
නිරවි යුද්ධය
ලෝක ධනේශ්වර ක්‍රමයේ පොදු අර්බුදයේ දෙවන අවධියත් සමඟ සිසිල් යුද්ධය ආරම්භ විය. මෙය ඇමරිකා එක්සත් ජනපද ප්‍රමුඛ ලෝකයේ සමාජවාදී රටවල නිර්මාණය විය. සිසිල් යුද්ධය ආරම්භ කරන ලද්දේ බ්‍රිතාන්‍ය අගමැතිවරයෙකු වු "චර්චල්" 1946 දි ඇමරිකා එක්සත් ජනපදයේ ෆුල්ටන් නගරයේ දි සෝවියට් සංගමයට එරෙහිව කළ ප්‍රකාශයකිනි.දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකයේ නායකත්වය ඇමරිකාව සතුවිය යුතු බව ඇමරිකානුවන්ගේ අදහස විය. අනතුරුව ඇමරිකානු නායකයාන් සියලු දෙනා මෙම අදහස අනුගමනය කලේය. නිදසුන් ලෙස ටෲමන් දේශපාලන න්‍යාය.
මෙම න්‍යාය තුළ අන්තර්ගත වන්නේ ග්‍රීසියට හා තුර්කියට ආධාර කරන මුවාවෙන් ඒ රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් එම රටවල ප්‍රදේශ සෝවියට් සංගමය ඇතුළුව සමාජවාදී රටවලට විරුද්ධව යුද්ධෝපාය අරමුණු සඳහා පාවිච්චි කිරීමයි.
ටෲමන් න්‍යායට අමතරව භාවිතා කළ තවත් දෙයක් ලෙස "මාෂල් සැලැස්ම " දැක්විය හැක. එය දෙවන ලෝක යුද්ධයෙන් විනාශය පත් යුරෝපය, ඇමරිකානු ආර්ථික ආධාර මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කිරිමකි. මාෂල් සැලැස්මේ අරමුණ වූයේ ඇමරිකානු ආධිපත්‍යය බටහිර යුරෝපය තුළ ස්ථාපනය කිරිම සහ සෝවියට් සංගමයටත්, සමාජවාදී කදවුරටත් විරුද්ධව යුරෝපයේ අධිරාජ්‍යවාදී රටවල්වල ඒකාබද්ධ පෙරමුණක් නිර්මාණය කිරීමයි.
සිසිල් යුද්ධයේ ක්‍රියාවලි
* 1946-1949 චීන විප්ලවයට විරුද්ධව ඇමරිකානු අධිරාජවාදයේ ආක්‍රමණය
* 1950-1953 ජපානය සමඟ සුරක්ෂිතභාවය පිලිබඳව ගිවිසුමක් අත්සන් කරමින් කොරියාවට යුද්ධය ඈඳවීම
* 1954 ඉන්දු චීනයෙන් ප්‍රංශය පරාජය වීමෙන් අනතුරුව ඇමරිකාවේ නායකත්වයෙන් රටවල් හතකින් ලෝකය සිසිල් යුධ වාතාවරණයකට යොමු කිරිම
සමාජවාදී රටවලට හා ජාතික විමුක්ති ව්‍යාපාරයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර යුරෝපයේ ආධිපත්‍යයට හා බලයට ප්‍රතිචාර ලෙස සෝවියට් සංගමය ප්‍රමුඛ සමාජවාදි රටවලට සිය ආරක්ෂාව හා සුරක්ෂිතතාව තහවුරු කරගැනීමට ක්‍රියාමාර්ග ගතයුතු විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1955පෝලන්තයේ "වර්සෝ සංවිධානය" බිහිවිය.
දෙවන ලෝක යුද්ධයෙන් පසු මානව සමාජයේ අනාගත පරිණාමය ප්‍රධාන ප්‍රවණතා දෙකකි. එනම්
* පෙරදිග සම්ප්‍රදාය පදනම් කොටගත් කොමියුනිස්ට්වාදී සංකල්ප
* බටහිර යුරෝපා සම්ප්‍රදාය පදනම් කොටගත් බටහිරවාදී සංකල්පය
මේ ප්‍රවණතා දෙකම මානව සංහතියේ අනාගතය අත්පත් කරගැනීම සඳහා පමණක් නොව ලෝකාධිපත්‍ය සඳහා තියුණු තරඟයක යෙදී සිටියේය.

Monday, November 6, 2017
ජිවිතය
ජීවිතය
ජීවත් වීම යනු කුමක්ද
ජීවිතය,ආදරය,බැඳීම්
සිත් රිඳවීම්,සතුටුවීම්
මේ සෑමදෙයක්ම එක්
මොහොතකින් නැතිවී යන
තාවකාලික සිදිධීන් යැයි
මාහට හැගේ
එනම් අහස් කුසින් කඩා
වැටෙන වැසි බිංදු එකතුව
පොළොව මත ඇති
දුවිලි කුණු කසල
එක් මොහොතකින් සෝදාගෙන
යන්නා සේය
ස්ථිර යැයි සිතන හැමදේම
අස්ථිර දේවල්මය
ජිවිතය යනු රඟපෑමකි
එය අවසන් වන මොහොත
රඟදක්වන නළු නිළියන් ද
නොදන්නී ය.
Thursday, November 2, 2017
පුවත්පත් මාධ්‍යය
පුවත්පත් කලාව තුළ කාලානූරූපිව සිදු වු වෙනස්කම්
අප රට තුළ මුල්කාලයේදි පුවත්පත් විසින් ඉටුකරනු ලැබු කාර්යයන් සුළුපටු නොවේ. නමුත් වර්තමානය වන විට පුවත්පත් මගින් මුල්කාලයේ ඉටුකරනු ලැබු කාර්යයන් ඒ අයුරින්ම හෝ පෙරටත් වඩා වර්ධනය වී ඇත් ද යන්න ගැටලුවකි. සැබවින්ම මේ වන විට පුවත්පත්වල අරමුණ සපුරා වෙනස් ය.මුල්කාලයේ දි පුවත්පත් මාධ්‍ය විසින් ඉටු කරනු ලැබූ කාර්යයන් අතර කිහිපයක් නිදසුන් ලෙස දැක්විය හැක. එනම් බෞද්ධාගම නගා සිටුවීම, පර සිරිත් ගැත්තවුන් විවේචනය කිරීම, ක්‍රිස්තියානි මිෂනාරි ව්‍යාපාරයට විරුද්ධ විම, කුලභේදය පිටුදැකිම, නිදහස් ව්‍යාපාරයට දිරිදීම ආදිය මේ අතරින් කැපි පෙනෙන සිද්ධීන් ය.
මේ සඳහා දායක වූ පුවත්පත් ලෙස "සිංහල ජාතිය, ලංකා සාමය, දකුණු තරුව, සීදේවි,ස්වදේශ මිත්‍රයා, මේ අතරින් ප්‍රධාන වේ. මෙම පුවත්පත් හැරුණු විට එකල පළකළ අනෙකුත් විකට පුවත්පත්වල ද ප්‍රධාන අරමුණ හාස්‍ය රසය උත්පාදනය කිරීමට අමතරව ජනතාවට කිසියම් වු සමාජ විවේචනයක් හෝ ආදර්ශයක් සැපයීම ද අරමුණු කරගෙන තිබේ. 1930 ගණන්වල සිට 1950 දශකය තෙක් පළ වූ විකට පුවත්පත්වල විශේෂාංග මේ සඳහා නිදර්ශන සපයනු ඇත. නිදසුන් ලෙස අභිනව කවට කථිකයා, කවට දූතයා, කවට මුත්තා,කවට ළමිස්සි මේ අතර ප්‍රධාන වේ. විකල්ප පුවත්පත් මගින් ද මෙරට පුවත්පත් කලාව පෝෂණය කිරිමට දායක වී ඇත. "අරමුණ, දිනපති, ඇස කම්කරු මාවත " මේ සඳහා නිදසුන් කිහිපයක් පමණි.
අද වනවිට පුවත්පත්වල කාර්යය එදා මෙන් බුද්ධාගම ආරක්ෂා කිරීම හෝ සමාජ සංශෝධනයන් සිදු කිරීම නොව ඔවුනොවුන්ගේ වාණිජ අරමුණු සාක්ෂාත් කරගැනීමට කටයුතු සිදුකරන බව පෙනේ. එදා පුවත්පත් තුළ ප්‍රධාන කාර්යය අද වනවිට ද්විතීයික කාර්යය බවට පරිවර්තනය වී තිබේ. මෙය පුවත්පත් කලා මාධ්‍යයෙන් ඔබ්බට ගිය ප්‍රාග්ධන් විචල්‍යන් මත රදාපවතින දෙයක්ව ඇත.
පුවත්පත් මාධ්‍ය තුළ පවතින වත්මන් ස්භාවය පිළිබඳව විමර්ශනය කිරීමේදි මැනවින් පෙන්නුම් කෙරෙන බොහෝ කරුණු පවතී. ඒ අතරින් පුවත්පත් පාඨකයාගේ දැනුම ද පුවත්පත් කලාවේදියාගේ දැනුම ද අතර පවතින මහත් වු දැනුම් පරතරයයි. සමාජය තුළ ඒ ඒ විෂය ක්ෂේත්‍රවල විශේෂඥ දැනුම ලැබුවෝ බහුල වෙති. පුවත්පත් කලාවේදියා ඒ ඒ අංශ පිළිබඳව ලියද්දී ඔහුගේ දැනුම එම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කොපමණ අල්ප දැයි පොදුජන පාඨකයාට පවා ඒත්තු යයි.බොහොමයක් ලිපිවල මුල් ජේද දෙක තුන පාඨකයා නොකියාම ඉවත දමයි. ඇතැම් විට මුලින් ලියූ දේ අග ජේදවල දී නිෂ්ප්‍රභා වෙයි. විශේෂාංග තුළ ජේදයකට දෙකකට වඩා පුවත්පත් කලාවේදියා ලියන කරුණු පිළිබඳ තොරතුරු ඇතුළත් නොවේ. එසේම සංකල්ප හෝ දෘෂ්ටිය පිළිබඳ ලියවෙන්නේ කලාතුරකිනි. මේ නිසා විශේෂාංග කියවන පාඨකයාට මෙමගින් උපරිම ප්‍රතිඵල හිමි නොවේ. පුවත්පත් මාධ්‍ය තුළ පඨිත නිර්මාණය කිරිමේදී දැකිය හැකි තවත් ලක්ෂණයක් වන්නේ ලොකු අකුරු ශීර්ෂපාඨ ලෙස යොදා ගැනීමයි.මෙය ප්‍රේක්ෂකයා එකවර ග්‍රහණය කරගත්ත ද එහි අවසන් ප්‍රතිඵලය වන්නේ පාඨකයා පුවත්පත් පිළිබඳව කලකිරිමයි.
එසේම සමකාලින ප්‍රවණතාවක් ලෙස දැක්විය හැකි තවත් කරුණක් වන්නේ දැන්වීම්වලට වැඩි ඉඩක් ලබා දීමයි. මෙම පිටුව වෙන් කර ඇත්තේ ම දැන්වීම පළකිරීම සඳහා බව බැලූ බැලීමට පාඨකයාට අවබෝධකරගැනීමට හැකි වේ. මේ හේතුවෙන් ලිපි විශේෂාංග කියවීමට පාඨකයා තුළ ඇති රුචිය මෙමගින් නැති වී යයි.
පුවත්පත් කලාව සෘජුවම හා වක්‍රව ද දේශපාලනය හා සම්බන්ධ වූ බොහොමයක් පවති. එනම් පුවත්පත් ඉතිහාසයේ පුවත්පත් අලෙවිය පහළ යාම හා ඉහළ යාම තිරණය කිරීම ද මෙමගින් සිදුවේ. අපෙ රටේ පුවත්පත් ඉතිහාසය ලියවී ඇත්තේ දේශපාලකයින්ගේ හා පුවත්පත් හිමිකරුවන්ගේ අපකීර්තිමත් ඉතිහාසයක් ලෙසිනි. මේ හේතුවෙන් ම නිරන්තරයෙන් පුවත්පත් කියවන පාඨක වෙනස්වීම ද පුවත්පත් අලෙවියේ ද වෙනස්කම් ඇති වේ.
මීට අමතරව මුදලට හා වැටුපට සේවය ජරන මාධ්‍යකරුවන්ගේ හැසිරීම, හැකියාව, ආචාරධර්ම, පුවත්පත් කියවන ප්‍රමාණය වැඩිකිරිමටත් සීමා කිරීමටත් හේතු සාධක විය. මේ හේතුවෙන් පුවත්පත් ආයතන හිමිකරුවා දේශපාලන අතකොළුවක් බවට බවට පත් වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලකයින්ගේ ඕනෑ එපාකම් මත කියන කියන දේ පුවත්පත් තුළ පළ කරයි. ඇතැම් අවස්ථාවල කතුවරුන් තම රැකියාව ආරක්ෂා කරගැනීමේ අටියෙන් සියළු අණ පිළිපැදීමට ද සිදු වේ. තමන්ගේ නිර්මාණ ශක්තිය දේශපාලන රෑකඩයක් නොවී පුවත්පත් කලාවක් කරගෙන යාමට වෑයම් කළහොත් තමාට රැකියාව අහිමි වනබව ස්ථිරය. එසේම දඩුවම් ලැබෙන අවස්ථා ද ජිවිතෙන් පවා වන්දි ගෙවන්නට ද සිදුවෙන අවස්ථා මේ සමජයේ ඕනෑතරම් හමුවේ.
පුවත්පත් කලාවේදියගේ ප්‍රධාන තේමව විය යුත්තේ මහජනතාවට ඉදිරියෙන් සිට ඔවුන්ට නිවැරදි, සත්‍ය තොරතුරු සපයමින් රටක ගාමක බලවේගයක් වීමයි. දුෂ්ට පාලකයන් නෙරපා හැරිම, රාජ්‍ය දුෂණ හෙළිකිරීම, සංස්කෘතික ආක්‍රමණවලට එරෙහි වීම, විනෝදාංශ සැපයීම හා විද්‍යා හා කලා තොරතුරු ද අධ්‍යාපනික වූද වැඩසටහන් ඉදිරිපත් කිරීම ආදිය හොද පුවත්පතක දැකිය හැකි ලක්ෂණයන්ය. මෙම කරුණු වර්තමානයේ දැකිය හැකිද යන්න ගැටලුවකි.
මෙරට සමාජ සංවර්ධනය සඳහා පුවත්පත් විසින් කරන ලද අනූපමේය සේවාවද අප මෙහිදී අමතක නොකල යුතුය. බ්‍රිතාන්‍ය යුගයේ සිට ඉතා මන්දගාමී තත්ත්වයකට ඇඳවැටී සිටි ශ්‍රී ලාංකිය ජාතිය එයින් මුදවා ගැනීම සදහා ද රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකිරීම සඳහා ද පොදුජනතාව දශක කිහිපයක් මුළුල්ලේම පොළබවන ලදී.එසේම මෑතකදි ජනවාර්ගික අර්බුදයේ දී ද බොහෝ පුවත්පත් එළිකරන ලද තොරතුරු මෙරට දෙජඩ වීමෙන් වැලැක්වීම සඳහා ප්‍රයෝජනවත් වී ඇත.එසේම බහුජාතින්ගේ ප්‍රශ්න මෙන්ම සුළුජාතින්ගේ ප්‍රශ්න වෙනුවෙන්ද පෙනි සිටිති.ඇතැම් අවස්ථාවල නොබියව කටයුතු කරන අවස්ථාද ඇත.කෙසේවෙතත් පුවත්පත් මගින් කල හැකි සේවාව ඉමහත් ය.
Subscribe to:
Posts (Atom)