Friday, November 10, 2017

පර්යේෂණය යනු කුමක්දැයි හදුනා ගැනිම.

         පර්යේෂණය යනු කුමක්දැයි හදුනා ගැනිම 
    
    පොදුවේ ගත්කල දැනුම ලබා ගැනිම සඳහා අනුගමනය කරන ක්‍රම ශිල්ප පර්යේෂණ ලෙස හැදින්විය හැක.පර්යේෂණ යනු බුද්ධිමත් ක්‍රියාවලියකි.නව දැනුම ලබා ගැනිම සඳහා යම් ගැටලුවකට විසදුම් ළගා කරගැනීම සඳහා විද්‍යත්මක ක්‍රමය අනුගමනය කරමින් කටයුතු කිරිම පර්යේෂණයක් ලෙස හැදින්විය හැක.

          පර්යේෂණයක් යනු නැවත පරික්ෂා කිරිමක් ලෙස ද දැක්විය හැක. පර්යේෂණ සඳහා භාවිතා වන ඉංග්‍රීසි වචනය " Research " නම් වේ. "RE+SEARCH " යනුවෙන් වෙන් කරගතහොත් "RE" යන්නෙන් "නැවත" ලෙසද "SEARCH" යන්නෙන් "සොයාබැලීම, විමර්ශනය කිරීම" ලෙසද හැදින්විය හැක. ඒ අනුව පර්යේෂණ යනු කිසියම් සිද්ධියක් පිළිබඳව සියුම්ව , ගැඹුරින් සොයා බැලීම ලෙස හැදින්විය හැක.

        පර්යේෂණයක දක්නට ලැබෙන විශේෂ ලක්ෂණය ක්‍රමවත් බව හා ගැඹුරින් විමසීමයි.

        පර්යේෂණයක් යනු දැනුම සොයා ගැනීම වන අතර මේ සඳහා විවෘත මනසක් පර්යේෂකයාට තිබිය යුතුය. විවෘත මනසින් කටයුතු කිරිමේදි ක්‍රමවේදාත්මක දැනුම ලබාගත හැකි අතර එය අවබෝධයයි. අවබෝධය පර්යේෂණ ක්‍රමවේදය සඳහා අත්‍යවශ්‍ය කාරණයකි.

       පර්යේෂණ ක්‍රමවේදය සංවර්ධනය කිරිමට නම් මානව සංජානනය හා සමාජ ක්‍රියාවලිය වැදගත් වේ. පර්යේෂණයන් ප්‍රමාණාත්මක සාධකවලට පමණක් සීමා කළ නොහැක. මෙහිදි අප විශේෂයෙන් අවධානය යොමු කළ යුතු සාධක දෙකකි.එනම්
ප්‍රමාණාත්මක සාධක 
ගුණාත්මක සාධක 
යන ප්‍රවේශ ඔස්සේ පර්යේෂණය අධ්‍යනය කළහැක. 

          එසේම පර්යේෂණ යනු සමාජය පිලිබඳව ගොඩනැගෙන දැකීමක් පමණක් නොව තමන් ගැන ගොඩනගනු ලබන දැකීමකි. එසේම පර්යේෂණවල වැදගත් ගුණාංගයක් වන්නේ දිගුකාලීන බවයි.පර්යේෂණයක් යනු කුමක්ද යන්න හඳුනා ගැනිමේදි ඒ පිලිබඳව ඉදිරිපත් වූ නිර්වචන බොහොමයක් පවති.

විචල්‍යයන් පාලනය කරමින් මුලධර්ම හා න්‍යායන් සංවර්ධනය කිරිමත්, ලබාගන්නා ප්‍රතිඵල මගින් අනාවැකි ඉදිරිපත් කිරිමත් අරමුණු කරගෙන, නිරීක්ෂණය කර වාර්තා කිරීමත්, ක්‍රමවත් හා විෂයානුබද්ධ විශ්ලේෂණ ක්‍රියාවලියක් පර්යේෂණ නම් වේ.    
       -Best & khan 1993-

පර්යේෂණ යනු ප්‍රශ්නයකට උත්තර ලබාගැනීමට උත්සාහ කිරීමයි.
       -ලැන්ගෙන්බාච්-

සංවිධානාත්මක දැනුම සොයා ගැනීමට හා සංවර්ධනය කිරීමට සෘජුවම මඟපෙන්වන ක්‍රියාකාරීත්වය පර්යේෂණ වේ.
      -ගුප්තා-

පර්යේෂණයක ස්වභාවය 
  • ගැටලුවට විසදුමක් ලබා ගැනිම සඳහා යොමු වේ.
  • මූලධර්ම හෝ න්‍යායන් සාමාන්‍යකරණය හා සංවර්ධනය අවධාරණය කරයි.
  • නිරීක්ෂණ අත්දැකීම් හා සාම්ප්‍රදායික සාක්ෂි මත පදනම් වි තිබේ.
  • නිවැරදි නිරික්ෂණය හා විග්‍රහ කිරිම මත සාර්ථකත්වය රදා පවති.
  • ප්‍රාථමික මූලාශ්‍රයන්ගෙන් ලබාගන්නා දැනුම මගින් නව දැනුම ලබාගනී.
  • ක්‍රියාකාරකම් කාලය අනුව අහඹු හා අක්‍රමවත් වියහැකිය.

       

18 comments:

  1. ගොඩක් පින්. තෙරුවන් සරණයි

    ReplyDelete
  2. පැවති දැනුම මෙමගින් තවත් වර්ධනය කරගැනිමට මහත් පිටුවලක් විය. ගොඩක් ස්තුතියි

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. පැවති දැනුම මෙමගින් තවත් වර්ධනය කරගැනිමට මහත් පිටුවලක් විය. ගොඩක් ස්තුතියි

    ReplyDelete
  5. ගොඩාක් ස්තුතියි 😌😌😌

    ReplyDelete
  6. ගොඩාක් ස්තූතියි. මෙම ලිපිය මට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා.

    ReplyDelete
  7. Thanks a lot for this artartic

    ReplyDelete
  8. ගොඩාක් පින්

    ReplyDelete
  9. ගොඩාක් පින්

    ReplyDelete