Tuesday, November 7, 2017

නිරවි යුද්ධය

                              

                                   නිරවි යුද්ධය 


     ලෝක ධනේශ්වර ක්‍රමයේ පොදු අර්බුදයේ දෙවන අවධියත් සමඟ සිසිල් යුද්ධය ආරම්භ විය. මෙය ඇමරිකා එක්සත් ජනපද  ප්‍රමුඛ ලෝකයේ සමාජවාදී රටවල නිර්මාණය විය. සිසිල් යුද්ධය ආරම්භ කරන ලද්දේ බ්‍රිතාන්‍ය අගමැතිවරයෙකු වු "චර්චල්" 1946 දි ඇමරිකා එක්සත් ජනපදයේ ෆුල්ටන් නගරයේ දි සෝවියට් සංගමයට එරෙහිව කළ ප්‍රකාශයකිනි.දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකයේ නායකත්වය ඇමරිකාව සතුවිය යුතු බව ඇමරිකානුවන්ගේ අදහස විය. අනතුරුව ඇමරිකානු නායකයාන් සියලු දෙනා මෙම අදහස අනුගමනය කලේය. නිදසුන් ලෙස ටෲමන් දේශපාලන න්‍යාය.

        මෙම න්‍යාය තුළ අන්තර්ගත වන්නේ ග්‍රීසියට හා තුර්කියට ආධාර කරන මුවාවෙන් ඒ රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් එම රටවල ප්‍රදේශ සෝවියට් සංගමය ඇතුළුව සමාජවාදී රටවලට විරුද්ධව යුද්ධෝපාය අරමුණු සඳහා පාවිච්චි කිරීමයි.

         ටෲමන් න්‍යායට අමතරව භාවිතා කළ තවත් දෙයක් ලෙස "මාෂල් සැලැස්ම " දැක්විය හැක. එය දෙවන ලෝක යුද්ධයෙන් විනාශය පත් යුරෝපය, ඇමරිකානු ආර්ථික ආධාර මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කිරිමකි. මාෂල් සැලැස්මේ අරමුණ වූයේ ඇමරිකානු ආධිපත්‍යය බටහිර යුරෝපය තුළ ස්ථාපනය කිරිම සහ සෝවියට් සංගමයටත්, සමාජවාදී කදවුරටත් විරුද්ධව යුරෝපයේ අධිරාජ්‍යවාදී රටවල්වල ඒකාබද්ධ පෙරමුණක් නිර්මාණය කිරීමයි.

සිසිල් යුද්ධයේ ක්‍රියාවලි
* 1946-1949 චීන විප්ලවයට විරුද්ධව ඇමරිකානු අධිරාජවාදයේ ආක්‍රමණය 

* 1950-1953 ජපානය සමඟ සුරක්ෂිතභාවය පිලිබඳව ගිවිසුමක් අත්සන් කරමින් කොරියාවට යුද්ධය ඈඳවීම

* 1954 ඉන්දු චීනයෙන් ප්‍රංශය පරාජය වීමෙන් අනතුරුව ඇමරිකාවේ නායකත්වයෙන් රටවල් හතකින් ලෝකය සිසිල් යුධ වාතාවරණයකට යොමු කිරිම 

  සමාජවාදී රටවලට හා ජාතික විමුක්ති ව්‍යාපාරයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර යුරෝපයේ ආධිපත්‍යයට හා බලයට ප්‍රතිචාර ලෙස සෝවියට් සංගමය ප්‍රමුඛ සමාජවාදි රටවලට සිය ආරක්ෂාව හා සුරක්ෂිතතාව තහවුරු කරගැනීමට ක්‍රියාමාර්ග ගතයුතු විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1955පෝලන්තයේ "වර්සෝ සංවිධානය" බිහිවිය.

         දෙවන ලෝක යුද්ධයෙන් පසු මානව සමාජයේ අනාගත පරිණාමය ප්‍රධාන ප්‍රවණතා දෙකකි. එනම්
* පෙරදිග සම්ප්‍රදාය පදනම් කොටගත් කොමියුනිස්ට්වාදී සංකල්ප 
* බටහිර යුරෝපා සම්ප්‍රදාය පදනම් කොටගත් බටහිරවාදී සංකල්පය

       මේ ප්‍රවණතා දෙකම මානව සංහතියේ අනාගතය අත්පත් කරගැනීම සඳහා පමණක් නොව ලෝකාධිපත්‍ය සඳහා තියුණු තරඟයක යෙදී සිටියේය.    

2 comments: